හපනා ළමා නවකතාව ටි.බි. ඉලංගරත්න මහතා ටි.බි. ඉලංගරත්න මහතා විසින් රචනා කළ මෙම නවකතාව අමාරිස් නම් ධෙෙර්යවන්ත දරුවෙකු වටා ගෙතුනු සුපිරි ළමා නවකතාවකි. කුඩාකල සිට අප අසා අැති අන්දමට නිධන් ලබා ගැනිම සදහා කුඩා දරුවන් බිලි දෙන බව මෙම කතාව තුලින් ද නිරුපණය කරයි. දේපළ හිමි පවුලක උපන් අමාරිස් සුද්දන්ගේ අමුතු නිති මගින් ඉඩම් හා දේපල අහිමි වි දිළින්දන් බවට පත් වේ. දේපල අාරාවුලකින් පියා මිය යන අතර තමන්ගේ මල්ලි ගගේ ගිලිමෙන් මිය යයි. පවුලේ වැඩිමලා වු අමාරිස් මවත් සමග ගෙස් උසස් තනතුරක් දරන නානායක්කාර මහතාගේ නිවසේ නවතියි. එ එම පවුලේ කුඩා දියණියගේ තනියට ය. එම කටයුත්ත සදහා පලාතේ මන්තීු තුමන්ගේ සහයෝගය ද ලබා දෙයි. අමාරිස් අැතුලු පිරිස අනුරාධපුර නගරය බලා පිටත් වෙයි. එසේ යන්නේ නානායක්කාර මහතාගේ රැකියා ස්ථානය එහි වන බැවිනි. එසේ යන අතරතුර අමාරිස් තම කටකාර බව අන් අයට පෙන්වයි. අනුරාධපුරයට ගිය පසු එම පවුලේ වැඩිමහල් දරුවා සන්නාසියෙක් රැගෙන ගොස් අැති බවඅමාරිස්ට දැනගැනාමට හැකිවෙයි. එම නිවසේ මෙහෙකාරියක් සහ ජේමිස් නම් මෙහෙකරුවෙක්ද සිටි. අමාරිස් ඉතා හොදින් තම වැඩ කටයුතු කරමින් ප...
Popular posts from this blog
විලාසිතාවෝ ටි.බි. ජයතිලක සමාජයේ අසංවර තැනට පහර ගසමින් ලියන ලද විලාසිතාවෝ කතාව ඇත්තෙන්ම සාර්ථක කෘතියකි. ’’පිටරට කතාවක් තියෙනවා සමහර ගෑණු තරුණකාලේ අපාදුක්වි විදිනවාලු දරුවෝ හදලා ඊට පස්සේ දිව්යලෝකේ සැප විදින්න. තවත් සමහරු ඉන්නවාලු තරුණකාලේ දිව්යලෝකේ විදිනවාලු ඊට පස්සේ අපාදුක්වි විදිනවාලු’’ ඉහත කියුම උපහාසයට යොදන ලද්දකි. මන්ද සමහරුන් සිතනුයේ වර්තමානය ගැන පමණි. ඔවුන්ට අනාගතය වැඩක් නැත. විලාසිතාවේ කතාමාලාව දිවයන්නේ මිනිස් සිත්සතන් තුළ ඇති කාමගින්න හා තණ්හාව නිසා මිනිසාට සිදුවන විපත් පිළිබදවය. මනාලියක් බැලිමට ඒන මනාලයාගෙන් කතාජවනිකාව ආරම්භ වේ. වින්සන්ට් හා නැන්සිගේ දුව වන කොන්ස්ටන් චින්තා වික්රමපාල නම් නොහික්මුණ දැරිය බොරු රගපැමකින් ගුණයහපත් දරුවකු වු අශෝක මුනසිංහ විවාහ කරගනි. මෙය ඔහුගේ ජිවිතය විනාශය පටන්ගන්නා මොහොතයි. පැරැන්නන් කියු කතාවක් වන්නේ කසාද බදින්නයි වාහන ගන්නයි හදිස්සි වෙන්න ඒපා කියන ඒක. මන්ද ඉස්සර වාහනයක් ගන්නේ ඒකපාරයි.කසාද බදින්නේ ඒකපාරයි මෙන දේ වුනත්. අද නම් ඒම තත්වය වෙනස්. මෙතනදි මුනසිංහ මෝඩයා වේ. කසාදය හදිස්සි කරමින් චින්තාමන...












Comments
Post a Comment