හපනා ළමා නවකතාව
ටි.බි. ඉලංගරත්න මහතා

ටි.බි. ඉලංගරත්න මහතා විසින් රචනා කළ මෙම නවකතාව අමාරිස් නම් ධෙෙර්යවන්ත දරුවෙකු වටා ගෙතුනු සුපිරි ළමා නවකතාවකි. කුඩාකල සිට අප අසා අැති අන්දමට නිධන් ලබා ගැනිම සදහා කුඩා දරුවන් බිලි දෙන බව මෙම කතාව තුලින් ද නිරුපණය කරයි.
දේපළ හිමි පවුලක උපන් අමාරිස් සුද්දන්ගේ අමුතු නිති මගින් ඉඩම් හා දේපල අහිමි වි දිළින්දන් බවට පත් වේ. දේපල අාරාවුලකින් පියා මිය යන අතර තමන්ගේ මල්ලි ගගේ ගිලිමෙන් මිය යයි. පවුලේ වැඩිමලා වු අමාරිස් මවත් සමග ගෙස් උසස් තනතුරක් දරන නානායක්කාර මහතාගේ නිවසේ නවතියි. එ එම පවුලේ කුඩා දියණියගේ තනියට ය. එම කටයුත්ත සදහා පලාතේ මන්තීු තුමන්ගේ සහයෝගය ද ලබා දෙයි. 
අමාරිස් අැතුලු පිරිස අනුරාධපුර නගරය බලා පිටත් වෙයි. එසේ යන්නේ නානායක්කාර මහතාගේ රැකියා ස්ථානය එහි වන බැවිනි. එසේ යන අතරතුර අමාරිස් තම කටකාර බව අන් අයට පෙන්වයි. අනුරාධපුරයට ගිය පසු එම පවුලේ වැඩිමහල් දරුවා සන්නාසියෙක් රැගෙන ගොස් අැති බවඅමාරිස්ට දැනගැනාමට හැකිවෙයි.
එම නිවසේ මෙහෙකාරියක් සහ ජේමිස් නම් මෙහෙකරුවෙක්ද සිටි. අමාරිස් ඉතා හොදින් තම වැඩ කටයුතු කරමින් පවුලේ සැමගේ අාදරය දිනා ගනි. මේ අතර නානායක්කාර මහතා වට වන්දනාවේ යන්නට කතිකා කර ගනි. සියල්ලන්ම එයට කැමැත්ත පල කරයි. එම වන්දනා ගමනේදි ඔවුන් අාහාර ගැනිමට තිසා වැව අසලට පැමිනෙයි. එම අවස්ථාවේදි අමාරිස් පැහැර ගැනිමට ලක්වේ. 
වනාන්තරයක් මැදින් ගමන් අාරම්භ කරන පිරිස "මාමා" නමින් හදුන්වන පුද්ගලයකුද මහල්ලෙක්ද හමු වේ. ඔවුන් නිතිවිරෝධි වැඩ කරන පිරිසකි. දුම් කොල වැවිම, දැව ජාවාරම ,  දඩමස් වැනි නිති විරෝධි වියාපාර සිදුකරන පුද්ගලයකි. එ අතරතුර ඔවුන්ගේ අනිත් කල්ලිය අමාරිස්ව අල්ලා ගනි. එ සන්නාසියෙකි. ඔහු අමාරිස්ව ලෙනකට රුගෙන යයි. එහි සෙනෙවි තුමා යන පුද්ගලයකු සිටි.ඔහු තවත් ළමුන් 8 දෙනෙකු සිරකරන් සිටින අතර අමාරිස් 9 ඉලක්කම සහිත ටි ෂට් එකක් ලබාදෙන අතර එහි ගැහැණු ළමුන් 4ක් සහ පිරිමි ළමුන් 5 දෙනෙක් සිටි. මේ අතර අමාරිස් පිරිස සමග එදින ස්නානය කරන අවස්ථාවේදි එහි සිටි ගෙළුවකුගේද උදව්ව අැතුව ලෙනෙන් පිට වේ. එ් යන අතරතුර දෙවෙනි ලෙනනද හමුවේ. එතන අැති ගස් බෙනයකට ලෙනෙහි යතරු දමා දෙවනි ලෙනෙ සිදුවන්නේ කුමක්දැයි ඔවුන් බලා සිටියි. එහිදි මන්තර වලට මායම්වු දරුවකු මන්තරකරැ මරා දමන අාකාරය ඔවුන්ට දැකගත හැකිවේ. 
එම ස්ථානයෙන් දඹ රත්තරං කාසි කිහිපයක් ඔවුන්ට හමුවේ. එහි තිබු තුවක්කුවත් රුගෙන පිරිස නැවත ගමන් අරඔයි. එහිදි වළසකු හා ගැටුමක් අැතිවේ.එහිදි මග පෙන්වමින් සිටි ගෙළුවා අඩපන වේ. මේ අතර සෙනෙවි තුමා නැවතත් මෙම පිරිස අල්ලා ගනි. නමුත් අමාරිස් එහිදි පැනගොස් ගමක් අසලට ළගාවේ. එම නිවසේ  ගැමියාට ලෙනෙන් ලබාගත් කාසි 2ක් ලබා දි තමා අනුරාධපුර රැගෙන ගියහොත් තවත් කාසි 4ක් ලබාදෙන බව පැවසිය. එහි යන අතරතුර තවත් නිවසක් අසල නවැති අාහාර ගැනිමට ඔවුනට සිදුවේ. එහිදි අමාරිස් ට එම පවුලේ දුවගේ නම අැදා විහිළු තහළු කිරිමක්ද සිදුවේ. කෙසේ වෙතත් එම ගැමියා අමාරිස්ට වංචා කොට කාසි සියල්ල රැගෙන අමාරිස්ට එක් කාසියක් පමනක් නැවත ලබා දි වැවක් අසල තනිකර පලායයි. නැවතත් අමාරිස් කලින් තමා රැගෙන අා තැනසිටි මහල්ලාට හසුවේ.ඔහු හොද පුද්ගලයකි. එම නිසා අමාරිස්ට නැවත වරක් පැනගැනිමට හැකි වේ. මෙවර ඔහු පැනයන්නේ නිති විරෝධි දේවල් පටවාගෙන යන කාරයෙය. පිරිසට හොරෙන් කාරයට නැගගන්නා ඔහු බොහො දුරක් එම වාහනයේ ගමන් කරයි. මේ අතර ඔවුන් පසුපස පොලිස් ජිප් රථයක් එයි. එම අවස්ථාවේ තම බලය පෙන්වමින් මැර කල්ලිය කටයුතු කරයි. තමන්ගේ ලොක්කාගේ නම පවසා පැනයාමට නොහැකි බව දැන මුදල් හා පගාව ලබා දි පැනයාමට සුදානම් වන මොහොතේ අමාරිස් වහා කිුයාත්මක වි පාෙලිස් නිලධාරින් වෙත පැමිනෙයි. එම අවස්ථාවෙදි තවත් පොලිස් රථයක් ඔවුන් පසුපස හඹා එයි. මෙම මෙහොතේ ජාවාරම් කරැවන් හා එතන තිබු පොලිස් රථයද පැනයයි.අමාරිස් අපහසුවෙන් ජිප් රථයට පැනගනි. කෙසේ හෝ ඔවුන් දෙගොල්ලොම අල්ලා ගැනිමට පසුපසින් පැමිනි පොලිස් රථයට හැකිවේ. එහිදි කලින් ජිප් රථයේ සිටින්නේ බොරු පොලිස් නිලධාරින් බවත් හදුනාගනි. අමාරිස් තම කතාව පොලිස් නිලධාරින්ට පවසයි. 
අමාරිස් ජාවාරම් කරුවන් අතර සිටි ජෙමිස් ද හදුනාගනි. කුඩා ළමුන් පැහැර ගැනිමේ මුලිකත්වය ගනු ලබන්නේ මෙම පුද්ගලයා බව හදුනාගනි. ඉන් පසුව නානායක්කාර මහතා ද පොලිසියට පැමිණෙයි. පසුව සියළු දෙනාම මෙහෙයුම සදහා පිටත් වේ. ගමන පටන්ගද්දිම දේශපාලන ප්රබලයා තමන්ගේ හෙන්චයයකු යොදවා තම පිරිස අැප ලබා දි එළියට ගැනිමට තැත් කරයි.නමුත් පොලිස් නිලධාරියා එවාට යට නොවි තම මෙහෙයුම සදහා පිටත් වේ. මගපෙනවන්නා වන්නේ ජෙමිස් ය. අවස්ථා කිහිපයකදිම නානායක්කාර මහතා ජෙමිස්ට පහර දෙන්න තැත් කරයි. මන්ද තමන්ගේ නිවසේ සිට තම දරුවා පැහැරගත් තැනැත්තා ජෙමිස් වන බැවිනි.
කෙසේ හෝ ඔවුන් නැචතත් කැලැව දෙසට ගොස් ජාවාරම්කරැවන් අල්ලා ගැනිමට කටයුතු කරයි. මාමා නමින් සිටින්නේ චාරා නම් දරුණු අපරාධකරැ බව හදුනා ගනි. මෙහෙදි ජෙමිස් පැනයාමට තැත් කරත් එය වලක්වාගනි.
අමාරිස්ට වංචා කල ගැමියා ලවාම ලෙන් දෙක සොයා ගැනිමට පිරිසට හැකිවේ. එහිදි සෙනෙවිතුමා ලෙස පෙනි සිටිය තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගනු ලැබේ. කුඩා ළමුන්ට නිදහස ලැබේ. නානායක්කාර මහතාට තම දරුවාව ලැබේ. 
අමාරිස්ගේ හපන්කම නිසා දරුවන් පිරිසකට තම ජිවිතයද අපරාධකරැවන් පිරිසක්ද අල්ලා ගැනිමට හැකිවිය. මෙයයි සැකෙවින් කිවහැකි සාරාංශය. ඔබද මෙම පොත කියවා ඉමහත් රසාස්වාදයක් ලබා ගන්න. 
ස්තුතියි.
සටහන, 
කේ.පුෂ්ප කුමාර.

Comments

  1. තවත් කතා සරංශයන් මෙහි අඩංගු වේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog