විලාසිතාවෝ
ටි.බි. ජයතිලක

සමාජයේ අසංවර තැනට පහර ගසමින් ලියන ලද විලාසිතාවෝ කතාව ඇත්තෙන්ම සාර්ථක කෘතියකි.

’’පිටරට කතාවක් තියෙනවා සමහර ගෑණු තරුණකාලේ අපාදුක්වි විදිනවාලු දරුවෝ හදලා ඊට පස්සේ දිව්‍යලෝකේ සැප විදින්න. තවත් සමහරු ඉන්නවාලු තරුණකාලේ දිව්‍යලෝකේ විදිනවාලු ඊට පස්සේ අපාදුක්වි විදිනවාලු’’

ඉහත කියුම උපහාසයට යොදන ලද්දකි. මන්ද සමහරුන් සිතනුයේ වර්තමානය ගැන පමණි. ඔවුන්ට අනාගතය වැඩක් නැත.
විලාසිතාවේ කතාමාලාව දිවයන්නේ මිනිස් සිත්සතන් තුළ ඇති කාමගින්න හා තණ්හාව නිසා මිනිසාට සිදුවන විපත් පිළිබදවය.
මනාලියක් බැලිමට ඒන මනාලයාගෙන් කතාජවනිකාව ආරම්භ වේ. වින්සන්ට් හා නැන්සිගේ දුව වන කොන්ස්ටන් චින්තා වික්‍රමපාල නම් නොහික්මුණ දැරිය බොරු රගපැමකින් ගුණයහපත් දරුවකු වු අශෝක මුනසිංහ විවාහ කරගනි. මෙය ඔහුගේ ජිවිතය විනාශය පටන්ගන්නා මොහොතයි.

පැරැන්නන් කියු කතාවක් වන්නේ කසාද බදින්නයි වාහන ගන්නයි හදිස්සි වෙන්න ඒපා කියන ඒක. මන්ද ඉස්සර වාහනයක් ගන්නේ ඒකපාරයි.කසාද බදින්නේ ඒකපාරයි මෙන දේ වුනත්. අද නම් ඒම තත්වය වෙනස්.

මෙතනදි මුනසිංහ මෝඩයා වේ. කසාදය හදිස්සි කරමින් චින්තාමනිය අහිංසකයකුගේ කරේ ගසයි. නමුත්  අශෝක සිදුකරන්නේ මව්පියන්ට කිකරු විමයි.ඒම නිසා ඔහුට මෝඩයා යන්නද කිවනොහැක.ඒය ඔහුගේ දෛවයයි.

කොන්සිගේ පියා තනාධිපතිවරයෙකි.ඒම නිසා දුවද පියාමෙන් සල්ලාල දිවියක් ගත කරයි. සින්තියා නම් කාන්තාවක් මෙම තනාධිපති කාර්යාලයේ සේවය කරයි. ඇය ඉතා සල්ලාල ජිවිතයක් ගත කරන තැනැත්තියකි. කොන්සිගේ නරක පුරුදුවලට අත්පොත ලබාදුන් තැනැත්තිය සින්තියාය.

පියාගේ තනාධිපති තනතුර යොදාගෙන කොන්සි සල්ලාල දිවියක් ගත කරයි.  මේ නිසා ඇයව විවාහ කර දිමට දෙමාපියන් කටයුතු කරයි.  විවාහයෙන් පසු ඔවුන් පරණගමට යයි. ඒහිදි ඔවුන්ට පිරිමි දරුවකු ලැබේ. ඒම දරුවාට ආදරය කිරිම කොනිකා විසින් සිදුනොකරයි. ඒම ගමේ ග්‍රමසංවර්ධන නිලධාරියා සමගද රොනි නම් අසල්වැසි කතගේ ස්වාමියාත් සමගද හොර පෙම් සබදතා පත්වයි. ග්‍ර.ස. නිලධාරියා ස්ථානමාරුවිම නිසා කෝපවන ඇය කසාදය අතහැර දරුවාද දමා කොළඹ ඇවිත් ඒපාකරන දිවියක් ගත කරයි.පසුව දික්කසාද වන ඇය ප්‍රසිද්දියේ සමාජ ශාලාවක් පවත්වාගෙන යයි. පිරිමින් දහස්ගණනකගේ පහස විදින ඇය මත්ද්‍රව්‍ය අලෙවිය නිසා අත්අඩංගුවට පත්වේ. හිරේදිත් පිරිමින් සමග යහන්ගතවන ඇය අවසානයේ ඒයින් නිදහස් වේ.

අශෝක ගොවිපලක් කරමින් තමන්ගේ පාඩුවේ සිටියි. අවසානයේ කළකම් පඩිසන් දෙයි. තමන්ගේ දෙමාපියන්ගේ රුකියාවන්ද අනතුරට ලක්කරමින් අවසානයේ කොන්සි තම කුළිනිවසේ ආදායමින් වැඩිහිටි නිවසක වාසය කරයි. තම පුතු ඒවන පළතුර මල්ල බාරගත්තද ඔහුව මුණගැසිමට ධෛර්යයක් ඇයට නැත. ඇයට පව් පඩිසන් දි ඇත.

කුඩාකළ සිටම හොද ඇසුරක් ඇයට ලබා දුන්නානම් මෙසේ සිදුවන්නේ නැත. නරක ඇසුර පුද්ගලයන් මෝඩයන් කරයි. ඒය නැවත සැකසිය නොහැකි තරම් දුර යා හැක. කොන්සිට සිදුවුයේ ද ඒයයි.

ස්තුතියි.
සටහන
කේ.පුෂ්ප කුමාර.

Comments

Post a Comment

Popular posts from this blog