The GADFLY – ETHEL LILLIAN VOYNICH
අැට මැස්සා - සුගතපාල ද සිල්වා

මම මේ පොත මුලින්ම කියවද්දි මුල් හරියේ මෙලෝ මලදානයක් තේරුණේ නැ. මොකද මේක කිතුණු දහමට ලැදි ව ලියන ලද පොතක්. නමුත් මෙහි අැති කතාවට ඉහත අාගමික කරුණු නොතේරුණද ගැටලුවක් නැත. මන්ද එහි කතාව ඔනැම අයකුට තේරුම් ගත හැකි බැවිනි. අාතර් නම් දරුවා විශ්ව විද්යාලයක ඉගෙනුම ලබයි. ඔහුට ලැදි කිතුනු පුජකයෙක් සිටි. ඔහු මොන්ටිනෙල්ලි ය. ඔහු අාතර්ට පාඩම් වැඩ කටයුතු කියාදෙයි. එසේම ඔහු විනෝද සවාරිද අාතර් සමග යයි. අාතර් ගේ මව රෝගාතුරව මිය ගොස් සිටින අතර ඔහුගේ පියාද (අාතර් දන්නා විදියට )මියගොස් සිටියේය. අාතර් එකල තරුණ සිසුන් සමග දේශපාලන සමිතියකට සම්න්ධ වන අතර මෙයට පුජකයා(මොන්ටිනෙල්ලි) විරෝධය දක්වයි.එත් එය අාතර් තැකිමක් කරන්නේ නැත. මේ කාලයේදි අාතර් ජෙම් නැමැති තරුණියකට අාදරය කරයි. අැයද මෙම සිසු සංවිධානයට උපකාර කරයි.මෙම කාලයේදි මොන්ටිනෙල්ලි පුජකයා හට වෙනත් ඉහළ තනතුරක් ලබා දිමට පාප්තුමා කටයුතු කරනු ලබයි.මේ නිසා මෙතෙක් දැරු තනතුරු අතහැර වෙනත් පළාතකට යාමට පුජකයා හට සිදුවේ. එම තනතුරට අලුතින් එන පුජකයා අාතර් තරුණයා තමාට අාකර්ෂණය කර ගැනිමට සමත් වේ. මෙම පුජකයාගේ අරමුන කෙසේ හෝ සිසු දේශපාලන සංගම් වල තොරතුරු රජයට සැපයිමයි. එම නිසා ඔහු අාතර්ගේ පාපොච්චාරණය අසා ඔහුව පාවාදෙයි.මේ නිසා අාතර් අත්අඩංගුවට පත් වේ.නමුත් ඔහු තම සගයන් පවා නොදෙයි. ඔහුගෙන් කිසිවක් දැනගැනිමට නොහැකි තැන අාතර් නිදහස් කරනු ලබයි.නමුත් ඔහු තම සගයන් පාවාදුන් නිසා නිදහස් වු බවක් අාරංචි වෙයි.මෙය පිළිබද ජෙම් අාතර් ගෙන් අසා වැරදි වැටහිමක් මත අාතර්ට කම්මුල් පහරක් ලබා දෙයි. මේ නිසා ඔහු වේදනාවට පත්වෙයි. ඔහුගේ සහෝදරයා ධනවත් අයෙකි. ඔහුගේ බිරිද කාටත් එපා කළ තැනැත්තියකි.නිදහස් වි තම සෙහොයුරා වෙත එන අාතර්ට සහෝදරයාගේ බිරිදගෙන් බැනුම් අසන්නට සිදුවෙයි. අැයගෙන්ම තම අැත්ත පියා ගැන තොරතුරු දැන ගැනිමට හැකිවෙයි. එනම් තමගේ අැත්ත පියා මොන්ටනෙල්ලි බවයි. මේ අතර අාතර් සියලු දෙයක්ම එපා වි තමා මිය යන බවත් මළසිරැර අදාල ස්ථානයෙන් සොයාගන්නා ලෙසත් දන්වා ලිපියක් ලියා නෞකාවකින් වෙනත් රටකට පැනයයි. සියලු දෙනාම සිතන්නේ අාතර් මියගිය බවයි. නමුත් රිවාරේස් යන නමින් නැවත ඔහු ඉතාලියට නැවත පැමිණෙයි.ඔහුට නැවතත් ජෙම් මුණගැසුනද අැයට ඔහුව හදුනාගැනිමට නොහැකි වෙයි.මන්ද දැන් ඔහු තරමක් දුරට විරුපි වි සිටියේය. මුහුණේ කඩු පහරක් මගින් අැති වු කැලැළ ද කකුලේ නොන්ඩිය නිසා ඔහුගේ බාහිර ස්වරුපය වෙනස් වි අැත. ඉතාලිය එක්සත් කිරිමේ දේශපාලන කටයුත්තේ නිරත වන ඔහුට නැවතත් මොන්ටිනෙල්ලි මුණගැසෙයි.ඔහු දැන් කාදිනල්වරයෙකි. රිවාරේස්(අාතර්) දැන් අැටමැස්සා නම් අන්වර්ථ නාමයෙන් විවිධ අාකාරයෙන් ලිපි පළකොට අාගමික කටයුතු හා දේශපාලන තත්වය විවේචනය කරණු ලබයි. එසේම ඔහු මෙම දේශපාලන කාර්යය සදහා අවිඅායුධ ඉතාලියට ගෙන්වා ගැනිමට අැටමැස්සා ජෙම් ගේ උපකාර ලබා ගනි. එසේම ඔහු කිහිපවිටක්ම අායුධ සම්බන්ධ කටයුතු සදහා වෙස්වලා ගැනිම් සිදුකරයි.එම අවස්ථා වලදි මොන්ටිනෙල්ලි ඔහුට හමුවුනත් අාතර් හදුනාගැනිමට නොහැකි වෙයි. මේ අතර ඔහුගේ කල්ලිය පිලිබදව අාණ්ඩුව හා අාරක්ෂක අංශ දැනගනු ලබයි. එම නිසා ඔහුට හා ඔහුගේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වෙයි. මේ අතර අාණ්ඩුකාරවරයා යුධඅධිකරණයක් මගින් අැටමැස්සාට මරණය ලබා දිමට උත්සහ කරනු ලබයි.මේ සදහා කාදිනල්වරයා වු මොන්ටිනෙල්ලි ගෙන් අවසරය අවශය වේ. නමුත් මේ සදහා මුලින් ඔහුගේ කැමැත්ත හිමි නොවේ. මේ අතර ජෙම් සහ පිරිස ඔහුට සිරමැදිරියෙන් පලා යාමට සැලසුමක් සකස් කරයි. අවසාන මෙහෙතෙදි එය අසාර්ථක වෙයි. මේ අතර බලවත් ලෙස රෝගිවන අැටමැස්සා බැලිමට කාදිනල්වරයා පැමිණෙයි.එහිදි අැටමැස්සා නමින් පෙනි සිටින්නේ තම පුතු වන අාතර් බව හදුනාගැනිමට හැකිවෙයි. අාතර් මොන්ටිනෙල්ලිට තමන් හා එක්වන ලෙසත් දැනට පවත්නා තනතුරු අත්හරින ලෙසත්  පවසයි. නමුත් මෙයට මොන්ටිනෙල්ලි එකගවන්නේ නැත.කෙසේ හෝ කාදිනල්වරයා යුධඅධිකරණයක් මගින් නඩුව අැසිමට අවසර දෙයි. මේ අතර අාතර්ගේ මිතුරෝ ඔහුව බේරාගැනිමට අවදානම් සහගත සැලසුමක් සකස් කරයි. නමුත් යුධඅධිකරණය මගින් අාතර්ට වෙඩිතබා මරා දැමිමට නියෝග කරනු ලබයි. ඔහුට වෙඩි තැබිමට සෙබලුන් අතර තුළ කැමැත්තක් නැත.එ නිසා පළමු වෙඩි මුරය මගින් අාතර් මිය නොයයි. ඔහු මිය යන්නේ දෙවනි වෙඩි මුරයේදිය. ඔහු මිය ගිය පසු දින මොන්ටිනෙල්ලි දේශනයක් අතරතුර හදවත්රෝගයකින් මිය යයි. අාතර් මරණදඩුවමට කලින් දවසේ ලිපියක් ජෙම් සදහා ලියනු ලබයි. එයින් තමන් අාතර් බවත් තමන්ට ගැසු කම්මුල්පහර ගැන තමන් වද නොවන බවත් දක්වා තිබිණි. මේ අතර මොන්ටිනෙල්ලිගේ මරණය ගැන අසන්නට ජෙම්ට සිදුවේ. එවිට අැයට මේ සිදුවිම් සියල්ල පැහැදිලිව වටහා ගත හැකි වේ. 
මෙය තමයි මෙම කතාව තුළ අැති කතාවේ අන්තර්ගතය. 

Comments

Post a Comment

Popular posts from this blog