Posts

Showing posts from December, 2018
Image
හපනා ළමා නවකතාව ටි.බි. ඉලංගරත්න මහතා ටි.බි. ඉලංගරත්න මහතා විසින් රචනා කළ මෙම නවකතාව අමාරිස් නම් ධෙෙර්යවන්ත දරුවෙකු වටා ගෙතුනු සුපිරි ළමා නවකතාවකි. කුඩාකල සිට අප අසා අැති අන්දමට නිධන් ලබා ගැනිම සදහා කුඩා දරුවන් බිලි දෙන බව මෙම කතාව තුලින් ද නිරුපණය කරයි. දේපළ හිමි පවුලක උපන් අමාරිස් සුද්දන්ගේ අමුතු නිති මගින් ඉඩම් හා දේපල අහිමි වි දිළින්දන් බවට පත් වේ. දේපල අාරාවුලකින් පියා මිය යන අතර තමන්ගේ මල්ලි ගගේ ගිලිමෙන් මිය යයි. පවුලේ වැඩිමලා වු අමාරිස් මවත් සමග ගෙස් උසස් තනතුරක් දරන නානායක්කාර මහතාගේ නිවසේ නවතියි. එ එම පවුලේ කුඩා දියණියගේ තනියට ය. එම කටයුත්ත සදහා පලාතේ මන්තීු තුමන්ගේ සහයෝගය ද ලබා දෙයි.  අමාරිස් අැතුලු පිරිස අනුරාධපුර නගරය බලා පිටත් වෙයි. එසේ යන්නේ නානායක්කාර මහතාගේ රැකියා ස්ථානය එහි වන බැවිනි. එසේ යන අතරතුර අමාරිස් තම කටකාර බව අන් අයට පෙන්වයි. අනුරාධපුරයට ගිය පසු එම පවුලේ වැඩිමහල් දරුවා සන්නාසියෙක් රැගෙන ගොස් අැති බවඅමාරිස්ට දැනගැනාමට හැකිවෙයි. එම නිවසේ මෙහෙකාරියක් සහ ජේමිස් නම් මෙහෙකරුවෙක්ද සිටි. අමාරිස් ඉතා හොදින් තම වැඩ කටයුතු කරමින් පවුලෙ
Image
සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය පටුන වෙත සිතියම් සහිත සද්ධර්‍මාදාස නම් වූ සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය (ගැටපද විවරණ සහිත යි) ___________________ මහනුවර උපොෂිත පුෂ්පාරාම මහාවිහාරවාසී වූ හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍ර‍යන් වහන්සේ වි සි න් පාළිමිලින්‍දපඤ්හය පෙරළීමෙන් විරචිත යි. ________ විද්‍යොදය පිරිවෙණෙහි ආචාර්ය ගලගම පණ්ඩිත ශරණඞ්කර ස්ථවිරපාදයන් වහන්සේ විසින් ලිපි දොෂාපහරණයෙන් ප්‍ර‍තිසංස්කෘත යි. _____ ශ්‍රී බු.ව. 2514 ක්‍රි.ව. 1970 සංඥාපනය මිලින්ද  නම් රජ කෙනෙකුන් විසින් නඟන ලද උභතොකොටික වූ ප්‍ර‍ශ්නයන්ට  නාගසෙන  නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍ර‍හ කොට  මිලින්ද පඤ්හ කරණ ලද පාලිග්‍ර‍න්ථය  මිලින්ද පඤ්හ  ය යි ප්‍ර‍සිද්ධ ය. මේ ග්‍ර‍න්ථයට අයත් වන්නේ පාලිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි. මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය. එය මෙයින් අපෙක්ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍ර‍කට වන  මිලිඳුරජතුමාගේ  ප්‍ර‍ශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසෙන තෙරුන්ගේ ප්‍ර‍ශ්න විසර්ජනශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙක ම අ