Posts

Showing posts from January, 2019
Image
විලාසිතාවෝ ටි.බි. ජයතිලක සමාජයේ අසංවර තැනට පහර ගසමින් ලියන ලද විලාසිතාවෝ කතාව ඇත්තෙන්ම සාර්ථක කෘතියකි. ’’පිටරට කතාවක් තියෙනවා සමහර ගෑණු තරුණකාලේ අපාදුක්වි විදිනවාලු දරුවෝ හදලා ඊට පස්සේ දිව්‍යලෝකේ සැප විදින්න. තවත් සමහරු ඉන්නවාලු තරුණකාලේ දිව්‍යලෝකේ විදිනවාලු ඊට පස්සේ අපාදුක්වි විදිනවාලු’’ ඉහත කියුම උපහාසයට යොදන ලද්දකි. මන්ද සමහරුන් සිතනුයේ වර්තමානය ගැන පමණි. ඔවුන්ට අනාගතය වැඩක් නැත. විලාසිතාවේ කතාමාලාව දිවයන්නේ මිනිස් සිත්සතන් තුළ ඇති කාමගින්න හා තණ්හාව නිසා මිනිසාට සිදුවන විපත් පිළිබදවය. මනාලියක් බැලිමට ඒන මනාලයාගෙන් කතාජවනිකාව ආරම්භ වේ. වින්සන්ට් හා නැන්සිගේ දුව වන කොන්ස්ටන් චින්තා වික්‍රමපාල නම් නොහික්මුණ දැරිය බොරු රගපැමකින් ගුණයහපත් දරුවකු වු අශෝක මුනසිංහ විවාහ කරගනි. මෙය ඔහුගේ ජිවිතය විනාශය පටන්ගන්නා මොහොතයි. පැරැන්නන් කියු කතාවක් වන්නේ කසාද බදින්නයි වාහන ගන්නයි හදිස්සි වෙන්න ඒපා කියන ඒක. මන්ද ඉස්සර වාහනයක් ගන්නේ ඒකපාරයි.කසාද බදින්නේ ඒකපාරයි මෙන දේ වුනත්. අද නම් ඒම තත්වය වෙනස්. මෙතනදි මුනසිංහ මෝඩයා වේ. කසාදය හදිස්සි කරමින් චින්තාමන